සුරතලාගේ ජීවිතය බේරාගන්න දිවි පරදුවට තබා අයිස් විලකට පැන්න තරණයා – Video

අමරෙිකාවේ හිම මිදුණු මිචිගන් විලේ ගිලෙමින් සිටි තරුණයෙක් සහ ඔහුගේ සුනඛ සුරතලා මුදාගැනීමට මිචිගන් පොලිසිය ක්‍රියාත්මක කළ මෙහෙයුමක් ද පටිගත වී ඇත.

විලට වැටුණු සිය සුනඛ සුරතලා බේරාගැනීමට ගත් උත්සාහයකදී තමන්ද එහි ගිලී ගිය බව ඒ තරුණයා පසුව පවසා ඇත.

මේ වනවිට එම කලාපයට බලපා ඇති සෙල්සියස් අංශක සෘණ 46ක් වන අධික සීතල හේතුවෙන් මිචිගන් විල මුලුමනින්ම පාහේ මිදී ගොස් තිබේ.

ඒ හේතුවෙන් කල්පනාකාරීව කටයුතු කරන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා ඇත. උත්තර ධ්‍රැවෙයන් හමා එන අධික ශීත සුළං සහ අමෙරිකානු මහද්වීපයට බලපා ඇති හිම කුණාටුව හේතුවෙන් වෙන වසරවලට වඩාවැඩි ශීතලක් මෙවර අමෙරිකානු කලාපයට උදාවී ඇති බව කාලගුණ අංශවල මතයයි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න