සිළුමිණ වෙබ් කර්තෘට පොහොට්ටු මන්ත්‍රීගෙන් මරණ තර්ජන

0
258

සිළුමිණ වෙබ් කර්තෘ මාධ්‍යවේදී ප්‍රබුද්ධි රණසිංහ මහතාට ඉකුත් 05 වැනිදා කැලණිය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රී අසුන්ත පාරින්ද නමැත්තා කළ මරණ තර්ජනය පිළිබඳ පෑලියගොඩ පොලිසියේ කළ පැමිණිල්ල අද දින විභාගයට ගැනීමට නියමිතව තිබිණි. නමුත් ඔහු අද දින පොලිසියට නොපැමිණීම හේතුවෙන් එය හෙට (09) දින උදෑසන 10ට විභාගයට ගැනීමට කල් දැමීය.

ඉකුත් 01 වැනි දින කැලණිය හිඹුටුවැල්ගොඩ සිරිල් මැතිව් ක්‍රීඩාංගනයේ දී සිදු කළ දිළිඳු පවුල්වල දරුවන් සඳහා පොත් බෙදා දීමේ උළෙළ සම්බන්ධයෙන් මාධ්‍යවේදී ප්‍රබුද්ධි රණසිංහ මහතා සිය මුහුණු පොතේ කළ හෙළිදරව්වක් සම්බන්ධව කිපී සැකකාර මන්ත්‍රී මාධ්‍යවේදී ප්‍රබුද්ධි රණසිංහ මහතාගේ බිරිය සතු වෙළෙඳ සලකට කඩා වැදී අසැබිවචනයෙන් බැන වැදී ඔහු මරා දමන බවට තර්ජනය කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here