සිරිපා කරුණා කරන්න යන අයට පොලීසියෙන් නිවේදනයක්

0
622

ශ්‍රී පාද වන්දනාවේ පැමිණිමේදි අනාරක්ෂිත ස්ථාන වල දියනැම සිදු නොකර ලෙසට නල්ලතන්නිය පොලිසිය වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටියි.

මධ්‍යම කදුකරයේ මේ දිවන පවතින දැඩි වියළි කාලගුණයත් සමඟ මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම සිඝ්‍රයෙන් පහල බසමින් පවතින අතර, ඇතැම් වන්දනාකරුවන් එම ජලාශයේද දිය නැම සිදු කරන නිසා මෙම ඉල්ලිම සිදු කරන බව පොලීසිය පවසයි.

නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ සිත ගගුලේ දිය නැම සඳහා ස්ථාන කිහිපයත් වෙන් කර ඇති අතර එම ස්ථාන වල පමණක් දිය නැම සිදු කරන ලෙසටත් එම ස්ථානවල පොලිස් ජිවිතාරක්ෂක නිලධාරින්ද රාජකාරියේ යොදවා ඇත.

තවද ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන ඇතැම් වන්දනා නඩ වල පිරිස් විසින් මන්ද මානසික රෝගින්ව ශ්‍රී පාද වන්දනාවේ රැගෙන එන බවත්, නල්ලත්න්නියේ සිට ශ්‍රී පාද උඩු මළුව දක්වා ගමන් කිරිමේදි ඇතැම් අවස්තාවල පවතින තද බදය නිසාත්, ගමනේ පවතින විඩාවත්, සමඟ තම නඩය සමඟ පැමිණි මන්ද මානසික රෝගියා අතරමං වන බව පොලිස් ප්‍රකාශ කළේය.

එවැනි රෝගින් අතරමං වු විට එම රෝගියට ඔහු පැමිණි නඩය සොයා දිමේදි ගැටළු රැසක් පොලිසියට මතු ව තිබේ.

නල්ලතන්නිය පොලිසිය මගින් දිවා රාත්‍රී දෙකේ පවත්වාගෙන යන සමනලගිරි සේවය මගින් අතරමං වුවන් සොයා දිමට වැඩසටහනක් දියත් කර ඇති බවද නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපතිවරයා වැඩි දුරටත් සඳහක් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here