සියෙරා ලියෝන් රාජ්‍යයේ ස්ත්‍රී දූෂණ, ලිංගික ප්‍රචණ්ඩත්වයට ඉහළට

0
188

ස්ත්‍රී  දූෂණ හා ලිංගික ප්‍රචණ්ඩත්වයට අදාළ සිද්ධීන් වාර්තා ගත ලෙස ඉහළ යාම හේතුවෙන් සියෙරා ලියෝන් රාජ්‍යයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ජනාධිපති ජුලියස් මාඩා බයෝ විසින් අද(08) දිනයේ මේ සම්බන්ධයෙන් නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

සියෙරා ලියෝන්හි ස්ත්‍රී දූෂණ හා ලිංගික ප්‍රචණ්ඩත්වයට අදාළ සිද්ධීන් විශාල වශයෙන් වාර්තාවීමත් සමඟ ඊට එරෙහිව ගොඩනැගුණු මහජන විරෝධය හමුවේ ජනාධිපතිවරයා මෙලෙස රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්ය. 

වාර්තාවන එවැනි සෑම සිද්ධීන් තුනකින් එක් සිදුවීමක්ම බාලවයස්කාර දරුවන් ඉලක්ක කරගනිමින් සිදුවීම හේතුවෙන් එවැනි චෝදනාවලට ලක්වන්නන්ට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලබාදීමට කටයුතු කළ යුතු බවට ද සියෙරා ලියෝන් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

එරට පොලීසියේ සංඛ්‍යා ලේඛණවලට අනුව 2017 වසරේ වාර්තා වූ ස්ත්‍රී දූෂණ හා ලිංගික ප්‍රචණ්ඩත්වයට අදාළ සිද්ධීන් සංඛ්‍යාව 2018 වසරේ දී දෙගුණයක් වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here