සියුම් කැමරා භාවිතා කර උගුරේ පිළිකාවක් සාර්ථකව ඉවත් කිරීමට හෝමගම රෝහල සමත්වෙයි

0
431

ට්‍රාන්ස්ඔරල් එන්ඩස්කොපික් අල්ට්‍රාසොනික් තාක්ෂණයෙන් උගුරේ සැත්කමක් සාර්ථකව සිදුකිරීමට හෝමාගම රජයේ රෝහලේ උගුර ,කණ නාසය පිළිබඳ ඒකකයේ විශේෂඥ වෛද්‍ය රිස්නි සකාෆ් ප්‍රධාන වෛද්‍ය කණ්ඩායමකට හැකි විය.

ඊයේ (05 ) මෙලෙස සිදුකර ඇත්තේ පිළිකාවක් ඉවත් කිරීමේ සැත්කමකි.

ශ්‍රී ලංකා වෛද්‍ය ක්ෂේත්‍රයට නව අත්දැකීමක් එක් කරමින් නවීන තාක්ෂණය භාවිතා කරමින් සිදුකල මෙම සැත්කම ඉතා සාර්ථක බව විශේෂඥ වෛද්‍ය රිස්නි සකාෆ් පැවසිය.

මෙම සැත්කම කැමරා භාවිතා කරමින් සිදුකල අතර එමගින් බාහිර කැපුම් වලින් තොරව පිළිකාව ඉවත් කර තිබේ.

පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහොමඩ් නියාස් (56 ) මෙම සැත්කමට ලක් වූ අය වෙයි.

මෙම සැත්කමේ සාර්ථකත්වය තහවුරු කරමින් සැත්කමට භාජනය වූ පුද්ගලයා පැය දෙකක් ඇතුලත තම කට හඩ අවදි කරමින් වෛද්‍යවරුන් සමග කතා කර ඇති බවද වාර්තා වේ.

කැමරා භාවිතා කරමින් ට්‍රාන්ස්ඔරල් එන්ඩස්කොපික් අල්ට්‍රාසොනික් තාක්ෂණයෙන් මෙවැනි ආකාරයේ සැත්කමක් ශ්‍රී ලංකාවේ සිදුකල ප්‍රථම අවස්ථාව මෙය බව මේ සැත්කම සිදුකල කණ්ඩායමේ නායක විශේෂඥ වෛද්‍ය රිස්නි සකාෆ් පැවසිය.

මේ සැත්කමේ ඇති සුවිශේෂත්වය වනුයේ කිසිම කැපුමකින් තොරව මේ සැත්කම සිදු කිරීමයි. ඒ හේතුවෙන් කිසිදු කැළලක් ශරීරයට සිදු නොවේ.

මීට අමතරව අඩු අවදානමකින් මේ සැත්කම සිදු කිරීම හා රෝගියා ඉක්මනින් ප්‍රකෘති තත්වයට පත් වීමද සුවිශේෂී වේ.

මේ සැත්කම සිදුකිරීමට ප්‍රථම රෝගියා හුස්ම ගැනීම සිදුකළේද බාහිරින් දැමු බටයක් මගිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here