සියයට තිහේ බොරු පොළියට මිනිසුන් රවටා ලක්ෂ ගණනින් වංචා කළ කාන්තාවක් පොලීසියට කොටුවෙයි

0
67

සියයට තිහක පොළියක් ලබා දෙන බව පවසමින් මුදල් ලබා ගෙන රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් වංචා කළ බව කියන සැකකාර කාන්තාවක් කටුගස්තොට පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව තමන් සියයට 30 ක පොළියට මුදල් ලබා ගන්නා බවත් මෙමගින් විශාල ආදායමක් ලබා ගත හැකි බවත් ගම්වල ප්‍රචාරය කර තිබේ.

මෙම ප්‍රචාරය විශ්වාස කළ පිරිස් තම රන් භාණ්ඩ විකුණා සහ වෙනත් ක්‍රමවලින් මුදල් සොයා ගෙන සියයට 30 පොළියක් ලබා ගැනීමේ අරමුණෙන් එම කාන්තාව වෙත රුපියල් 50,000 සිට රුපියල් ලක්ෂ හය දක්වා මුදල් ලබා දී ඇති බව පොලීසිය කළ පරීක්ෂණයේදී හෙළි වී තිබේ.

මුදල් ලබා දුන් අය තමන් රැවටීමට ලක්ව ඇති බව දැන ගැනීමත් සමඟ වහාම පොලීසියට ගොස් පැමිණිලි කර ඇති අතර මෙලෙස පුද්ගයින් 15 දෙනෙකුගෙන් පමණ විවිධ ප්‍රමාණයන්ගෙන් මුදල් ලබා ගෙන ඇති බව පරීක්ෂණයේදී හෙළි වී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරන කාන්තාව කටුගස්තොට පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඇය මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත සමරකෝන් මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශණ අංශය සහ විවිධ පැමිණිලි අංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here