සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට (29) පාර්ලිමේන්තුවේදී රැස්වේ .

0
67

අප්‍රේල් 21 වැනිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට (29) පෙරවරු 8ට පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතයි.

මෙය පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් මාධ්‍යයට ආවරණය කිරීම සඳහා විවෘත වූ පළමු අවස්ථාව මෙයයි. ඒ අනුව හෙට පැවැත්වෙන කාරක සභාව ආවරණය කිරීමට ජනමාධ්‍යයට ඉඩ සළසා දී තිබේනවා.

එමෙන්ම මෙහි සභාපතීත්වය දරන්නේ නියෝජ්‍ය කථානායක, ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතායි.

සිදුවීම සම්බන්ධයෙන් මහජනතාවට ද තොරතුරු මෙම කාරක සභාව වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.මේ සඳහා යොමු කෙරෙන ලිඛිත නියෝජන කාරක සභාවේ ලේකම්වරයා වෙත ජූනි මස 07 වැනිදා හෝ ඊට පෙර යොමු කළ හැකිය. පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව සඳහා සෞඛ්‍ය දේශීය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා සහ ජනතා විමුක්ති‍ පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතාද පත් කළ බව කතානායක කරූ ජයසූරිය මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී නිවේදනය කර තිබුණා.

ඒ වනවිට කාරක සභාව වෙත පත් කර සිටි පා‍ර්ලිමේන්තු මන්ත්‍රී කා‍වින්ද ජයවර්ධන මහතා එම කාරක සභාවෙන් ඉවත්වීම හේතුවෙන් මෙම පත් කිරීම් සිදු කර තිබු අතර විශේෂ කාරක සභාව සඳහා මීට අමතව අමාත්‍ය රාවුෆ් හකීම් මහතා, අමාත්‍ය රවී කරුණානායක මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා, මන්ත්‍රී මහාචාර්ය ආශූ මාරසිංහ මහතා, මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා, මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පත් කර තිබෙනවා.