සිංහල අවුරුද්දට ගම් බිම් බලා යන්න විශේෂ බස් හා දුම්රිය සේවා

0
122

සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට ප‍්‍රවාහන පහසුකම් සැලසීම සදහා අද දිනයේ වැඩි බස් රථ ගණනක් ධාවනයේ යොදවන බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා.

එහි ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී එච් ආර් ඞී චන්ද්‍රසිරි පැවසුවේ අද දිනයේ දෛනිකව සිදු කෙරෙන සාමාන්‍ය ගමන් වාරවලට අමතරව අතිරේක ලංගම බස් රථ 250 කට වැඩි ප‍්‍රමාණයක් ධාවනයට එක් කරන බවයි.

ඊයේ රාත්‍රියේ සිට දුර බැහැර ප‍්‍රදේශ බලා පිටත්ව යාමට මගීන් විශාල පිරිසක් කොළඹ මධ්‍යම බස් නැවතුම් පොල වෙත පැමිණි බවද ලංකා ගමනා ගමන මණ්ඩලයේ ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සදහන් කළා.

අද දිනයේ විශේෂ දුම්රිය 19 ක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.