සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේදී කැඳවයි

0
43

ආණ්ඩුව විසින් සිංගප්පූරුව සමඟ අත්සන් කර තිබෙන නිදහස් වෙළඳ ගිවිසුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් අටක් අද (09) ශ්‍රේෂ්ඨාධිකරණයේදී කැඳවා තිබුණා.

සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පත් කළ හය පුද්ගල කමිටුවේ වාර්තාව මේ වන විට නිකුත් කර ඇති බවත් එහි නිර්දේශ ක්‍රියාත්මක වීම අධ්‍යනය කොට මෙම පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට පෙත්සම්කරුවන් වෙනත් දිනයක් ඉල්ලා සිටියා.

ඒ අනුව මෙම පෙත්සම් මැයි මස 22 වැනිදා සලකා බැලීමට විනිසුරු බුවනෙක අලුවිහාරේ ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල දින ලබා දුන්නා.

මෙම ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පත් කළ හය පුද්ගල කමිටුවේ වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ලබා දීමට කටයුතු කරන බව පෙත්සම්කරුවන් දැනුම් දුන්නා.

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ඇතුළු අට දෙනෙකු විසින් පෙත්සම් ගොනු කර තිබූ අතර එහි වගඋත්තරකරුවන් ලෙසට අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

මෙම ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකාවේ වෛද්‍ය, ඉංජිනේරු, නීති, මිනින්දෝරු ඇතුළු වෘත්තීය ක්ෂේත්‍ර ගණනාවක වෘත්තීයවේදීන්ගේ වෘත්තීය කටයුතුවලට දැඩි බාධාවක් සිදුවිය හැකි බව පෙත්සම්වලින් පවසා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here