සජිත්ගේ කාර්යබහුලත්වය නිසා රනිල් – සජිත් සාකච්ඡා කල් දැමේ

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අතර අද (08) පැවැත්වීමට නියමිතව තිබූ තීරණාත්මක සාකච්ඡාව කල් දමා තිබෙනවා.

අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු පැවසුවේ එම සාකච්ඡාව ලබන අඟහරුවාදා දක්වා කල් දමා ඇති බවයි.

එහිදී “සජිත් ප්‍රේමදාස මහතාගේ කාර්යබහුලත්වය නිසා තමයි සාකච්ඡාව කල්දැමුණේ. එදිනට අපි දැනට අපි සතුව තියෙන සමීක්ෂණවල වාර්තා භාර දෙනවා. කොහොමත් අපි ඉස්සරහට තිබ්බ අඩිය පස්සට තියන්නේ නෑ. ගහන්න ගහන්න වඳින මිනිහත් මෝඩයා.. වඳින්න වඳින්න ගහන මිනිහත් මෝඩයා.. කියලා කතාවක් තියෙනවා නේ.. ඒ නිසා අපිත් එතන ඉන්නවා. අනිවාර්යයෙන්ම දෙවන පියවරක් තියෙනවා. ” යනුවෙන්ද සඳහන් කෙරුණා.