සචිත් පීරිස් කරන්න යන ආදර්ශමත් අළුත් වැඩේ

0
145

අවුරුදු 13කට ගමනක් ආපු සචිත් පීරිස් රටටම ආදර්ශයක් දෙමින් අමුතු වැඩක් පටන් ගත්තා.

සචිත් පීරිස් කියන්නේ ලංකාවේ ජනප්‍රිය ගායකයෙක්, සංගීත අධ්‍යක්ෂවරයෙක් වගේම සංගීත රූප රචනා අධ්‍යක්ෂවරයෙක්.අද ඔහුට සුවිශේෂී දිනයක්. සචිත් සිය සංගීත දිවිය අරඹලා අදට වසර 13ක් සපිරෙනවා. ඒත් සමඟ සචිත් අද ඉඳලා තවත් ලොකු සත්ක්‍රියාවකට අත ගැහුවා.

අද සිට ගීත නිර්මාණ වලින් ලැබෙන සියලුම මුදල් අසරණ ජනතාව සහ දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කරන්න සචිත් පීරිස් සූදානම්.

නිලාර් එන්. කාසිම් මහතා අතින් රචනා වූ, රනදීර් විසින් ගායනා කරන “නාමල් මිටක්” ගීතයෙන් සංගීත ක්ෂේත්‍රයට පිවිසුණු ඔහු අද වන විට රුං රුං ගාගා,ගොවි ගීතය වැනි ගීත, වෙළඳ දැන්වීම්,රේඩියෝ දැන්වීම්,දේශීය හා දකුණු ඉන්දීය චිත්‍රපට ගීත,පසුබිම් සංගීතත්,විවිධ ආයතන වල හා දේශීය ජාත්‍යන්තර උත්සව වල තේමා ගීතත්, තවත් නොයෙක් ආකාරයේ සංගීත නිර්මාණ 5000 කට වඩා ප්‍රමාණයක් සිදු කිරීමට සමත් වෙලා තියෙනවා.

තවත් මෙවැනි නිර්මාණ වලින් සංගීත ලොවේ වෙනසක් කරන්න හැකිවේවා කියලා, www.citizen.lk අපිත් සචිත් පීරිස්ට සුබ පැතුම් එක්‌ කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here