සංවිධානාත්මක අපරාධ රැඳවියන් සියල්ල බූස්ස බන්ධනාගාරයට මාරු කිරීමට තීරණය කරයි

0
49

දැනට දිවයින පුරා බන්ධනාගාර තුල රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවන් ලෙස හඳුනාගෙන ඇති සියලු රැඳවියන් ඉදිරි සති කිහිපය තුල බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යැවීමට තීරණය කර තිඛෙනවා.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු නිවුස් රේඩියෝවට කියා සිටියේ ජනාධිපතිවරයා සමගද මේ පිළිබඳ සාකච්ඡා වට දෙකක් පවත්වා ඇති බවයි.

මත්කුඩු ජාවාරම් ඇතුලු ප්‍රබල අපරාධ රැසක් බන්ධනාගාර තුල සිටින ඇතැම් රැඳවියන් විසින් මෙහෙයවන බවට කරුණු අනාවරණය වීම හා ඊට අදාල චෝදනාවන්ට විසඳුමක් ලෙසයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇත්තේ.

බූස්ස බන්ධනාගාරය අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් පොලිස් දෙපාර්තමේන්තුව යටතේ පවතින ත්‍රස්ත විමර්ශණ ඒකකයට පවරා තිබෙනවා.

එබැවින් එය යලිත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතට පවරා ගැනීම සදහා ආරක්ෂක අමාත්‍යංශය සමග මේ වන විට සාකච්ඡා ක්‍රියාත්මකයි.

එම සාකච්ඡා අවසන් වීමෙන් පසු ජනාධිපතිවරයා විසින් මීට අදාල අවසන් තීරණය ගනු ඇති බවයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියකු කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here