ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඉක්මනින් ලබාදෙන ලෙස ජනපතිගෙන් ඉල්ලීමක්

0
215

පාර්ලිමෙන්තුව විසුරුවා හැරීමට අදාළව පැවැත්වූ පෙත්සම් විභාගයේ තින්දුව ඉක්මනින් ලබාදෙන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නීතිපතිවරයා හරහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් සිදුකරන බව හිටපු අමාත්‍ය විමිල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරුන් අතර අතර අද පැවැති සාකච්ඡාවේදි ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළ ඔහු සඳහන් කළේය.

හෙට පෙරවරුවේදී නීතිපතිවරයා මෙම ඉල්ලීම කරනු ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව එළැඹෙන 14දාට පෙර ලැබෙනු ඇති බවට විශ්වාස කරන බවත් ඔහු සඳහන් කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here