ශ්‍රී ලංකා පිලේ නායකත්වය දිමුත් කරුණාරත්නට

0
186

ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්න හට ලබා දී තිබෙනවා. මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය නිල වශයෙන් දන්වා තිබෙනවා.

ඒ අනුව දිමුත්ගේ නායකත්වය යටතේ එංගලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා පිල සහභාගී වනු ඇති.

නායකත්වය පිළිබඳව තේරීම් කමිටුව සමඟින් සාකච්ඡාවේ නිරත වූ ලසිත් මාලිංග පවසා සිටියේ තමන්ට නායකත්වය හිමි නොවන්නේ නම් ඉදිරියේදී ක්‍රිකට් පිටියෙන් සමුගැනීම පිළිබඳව තීරණයක් ගන්නා බවයි.