ශ්‍රී ලංකා ජනපති මෛත්‍රී පරිසර හිතකාමී නායකයෙක් බව කෙන්යා ජනපති කියයි

0
169

නිල සංචරයක් සඳහා ජනාධිපතිවරයා මේ වන විට කෙන්යාව බලා පිටත්ව ගොස් ඇති අතර ඔහු පරිසර හිතකාමී නායකයෙකු බව කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටා පවසනවා.

පරිසරය රැක ගැනීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගනු ලැබ ඇති පියවර ඉතා ඉහළින් අගය කරන බවද ඔහු පවසා තිබෙනවා. මොවුන් දෙදෙනා අතර නිල වශයෙන් සාකච්ඡා ඊයේ පස්වරුවේ ආරම්භ වූ අතර එහිදී මෙම අදහස් පළ කෙරුණා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කෙන්යානු සංචාරයක යෙදී සිටින්නේ නයිරෝබි අගනුවරදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ 4 වන සැසි වාරය සදහායි. මෙම සැසි වාරය අමතමින් ජනාධිපතිවරයා ඊයේ (14) විශේෂ දේශණයක්ද සිදුකළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here