ශ්‍රී ලංකාවට උණුසුම් කාළගුණයක් අවදානයක් සිටින්න

0
106

උණුසුම් කාළගුණ තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරි දින තුන තුළදී වැඩි අවදානයක් යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු මැද හා වයඹ පළාත්වල මෙන්ම හම්බන්තොට, මොණරාගල, ගම්පහ, මන්නාරම, වව්නියාව, මුලතිව් හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ජනතාව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි එම දෙපාර්තමෙන්තුව සඳහන් කළේය.

අද(12) පස්වරුවේ නිකුත්කළ කාළගුණ වාර්තාව අනුව ඊයේ(11) වැඩිම උෂ්ණත්වය වව්නියාව ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එහි අගය සෙල්ෂියස් අංශක 37.5ක් ලෙස සටහන් වී තිබේ.

අනුරාධපුර ප්‍රදේශයෙන් සෙල්ෂියස් අංශක 36.7ක්, පොළොන්නරුව ප්‍රදේශයෙන් සෙල්ෂියස් අංශක 36.6.ක්, යාපනය ප්‍රදේශයෙන් සෙල්ෂියස් අංශක 35.5ක් ලෙසත් උෂ්ණත්වය වාර්තා වු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here