ශ්‍රි ලංකාවේ සිදු කළ ප්‍රහාරයන් සමඟ ISIS ත්‍රස්‌තයින් ලොව පුරා අහිමි කළ ජීවිත ගණන 2370 ක් බවට වාර්තා

    0
    420

    ISIS ත්‍රස්‌ත සංවිධානය රටවල් 30 කට ප්‍රහාර 144 ක්‌ එල්ල කර ඇති අතර ඉන් 2370 ක්‌ මරුමුවට පත් වී ඇත. මෙම බිහිසුණු ත්‍රස්‌ත සංවිධානය වැඩි වශයෙන් ප්‍රහාර එල්ල කර ඇත්තේ ඉරාකයටය.

    ඉරාකය වෙත එල්ල වූ ISIS ත්‍රස්‌ත ප්‍රහාර සංඛ්‍යාව 24 කි. මේ හැර බෙල්ජියම, ඔස්‌ට්‍රේලියාව, කැනඩාව, ඇමරිකාව, ප්‍රංශය, සවුදි අරාබියාව, ඩෙන්මාර්කය, ටියුනීසියාව, ලිබියාව, තුර්කිය, කුවේට්‌, ඊජිප්තුව, ලෙබනනය, සිරියාව, යේමනය, බංගලිදේශය, පකිස්‌තානය, ඇෆ්ගනිස්‌තානය, බ්‍රිතාන්‍යය, ස්‌විඩනය, ස්‌පාඤ්ඤය, ඉන්දුනීසියාව යන රටවලට ත්‍රස්‌ත ප්‍රහාර එල්ල කර තිබේ.

    2016 ජුලි මස ඉරාකයේ ස්‌ථාන දෙකකට එල්ල වූ ISIS ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 320 ක්‌ මරුමුවට පත් විය.

    මේ අතර සිරියාවේ සිට ක්‍රියාත්මක වූ අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධාන මුළුමනින්ම විනාශ කර දැමූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාර්තු 21 දා ප්‍රකාශ කර ඇත.

    එහෙත් ඉන්ටර්පෝල් සංවිධානය පැවසූවේ අයිසිස්‌ ක්‍රියාකාරීන් නැවත ඒකරාශි වී ඇති බවයි.

    මෙම අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානයේ නායකයා ලෙස කටයුතු කරන අබු බකර් බැග්ඩැඩ් ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් මියගිය බවට වාර්තාවූවත් අයිසිස්‌ ප්‍රවෘත්ති සේවය වූ අමාන් පැවසූවේ ඔහු නිරුපද්‍රිතව සිටින බවයි.