ශෂී වීරවංශ ගේ නඩුවත් ලබන අවුරුද්දට කල්යයි

0
203

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව රහස් පොලීසිය ගොනුකර ඇතිනඩුවේ විභාගය ජනවාරි මස පළවා දක්වා කල් තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ශෂී වීරවංශ මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටියේ නොමැති බව වාර්තා වෙයි.

සැකකාරිය පෙනී නොසිටීම සම්බන්ධයෙන් මීළඟ දින අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි තිඥවරුන්ට නියම කළ මහේස්ත්‍රාත්වරිය වැඩිදුර විභාගය ජනවාරි මස පළ වන දාට කල් තැබුවේය.

එදින සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් දැන් අවවාද කෙරුණි.

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම තුළින් ආගමන සහ විගමන පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට රහස් පොලීසිය විසින් ශෂී වීරවංශ මහත්මියට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here