විශේෂ මෙහෙයුමකින් බීමත් රියදුරන් 771ක් අත්අඩංගුවට

0
55

ගත වු දින 03ක කාලය තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් බීමත් රියදුරන් 771 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ අප්‍රේල් 11 වන දින පෙරවරු 6.00 සිට අද පෙරවරු 6.00 දක්වා කාලය තුල මෙම වැටලීම් සිදුකර ඇති බවයි.

එම කාලය තුළ දී රථ වාහන නඩු 26,425ක් ලබාගෙන තිබේ.

ඊයේ(14) පෙරවරු 6.00 සිට අද පෙරවරු 6.00 දක්වා කාලය තුළ සිදුකළ වැටලීම්වලින් බීමත් රියදුරන් 237 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රථ වාහන නඩු 6651 ක් ලබාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

උත්සව සමයේ අනතුරු අවම කර ගැනිමේ අරමුණින් දිවයිනම ආවරණය වන පරිදි බිමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරන බව පොලීසිය සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here