විපක්ෂ විරෝධය හමුවේ ජාතික ආන්ඩුව පිහිටුවන යෝජනාව කල් යයි

0
457

ජාතික ආණ්ඩුව පිහිටුවීම පිළිබඳ යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ යෝජනාව ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය වූ බවයි.

ජාතික ආණ්ඩුව පිහිටුවිම පිළිබඳ වන යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඊයේ රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබුණි.

විපක්ෂයේ විරෝධතාව නොතකා මෙම තීරණයට එළැඹි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින්, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද මෙම යෝජනාවට සිය විරෝධය පළ කර තිබේ.