විපක්ෂනායක නිල නිවස මහින්දට අහිමිවෙයි

0
802

පසුගියදා පාර්ලිමේන්තුවේදී විවාදයට ලක්වුණු විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් වන ගැටළුවට තවමත් නිසි පිලිතුරක් නොමැති වීම හේතුවෙන් සර් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලය සහ විපක්ෂනායක නිල නිවස කිසිවෙකුටත් භාර නොදීමට ද්‍රවිඩ ජාතික සන්ධානය තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාට අදාළ කාර්යාලය හා නිල නිවස අහිමිවීමේ තත්ත්වයක් උදාවී තිබෙන අතර පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය තවමත් හිමිව ඇත්තේ ආර්. සම්බන්ධන් මහතාටය යන ස්ථාවරය අනුව හිඳිමින් ද්‍රවිඩ ජාතික සන්ධානය මේ තීරණයට එළැඹ ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

මෙම ගැටළුව නිරාකරණය කර ගැනීමට පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පත් කිරීමට කටයුතු කරන ලෙස ද්‍රවිඩ ජාතික සන්ධානය ඉල්ලා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here