විදෙස් දුම්වැටි තොගයක් සමග ලාංකිකයෙකු රේගුවේ හිරවෙයි

0
91

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුළියාපිටිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි ව්‍යාපාරික තරුණයෙක් බව ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය. අදළ පුද්ගලයා අද(04) අළුයම 12.55 ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ් – 557 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණ.

එහිදී කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති , ගුවන් තොටුපළ තුළ පිහිටි ” හරිත මාවත ” ඔස්සේ පිටව යමින් සිටියදී , රේගු නිලධාරීන් විසින් ඔහුගේ ගමන් මල්ලේ සගවා ගෙන තිබූ මෙම දුම්වැටි තොගය අත් අඩංගුවට ගෙන තිබේ. එහි රුපියල් 16,50,000 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි වර්ග තුනකට අයත් දුම්වැටි 30,000 ක් අඩංගු , දුම්වැටි කාටූන් 150 ක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

සිධිද්ය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වන් තොටුපළේ දී රේගුව විසින් සිදුකර ඇති අතර, එහිදී මෙම දුම්වැටි තොගය රාජසන්තක කර, මෙම ව්‍යාපාරිකයාට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here