විදුලි සෝපානයේ සැඟවී ආ මාරයා

0
557

කොම්පඤ්ඤ විදිය ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලක විදුලි සෝපානය කඩා වැටීමෙන් 24 හැවිරිදි තරුණයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා. අදාල ගොඩනැගිල්ලේ 09 වන මහලේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවට මෙම පිරිස යමින් සිට ඇති අතර එම අවස්ථාවේදී හදිසියේම විදුලි සෝපානය බිම් මහලට කඩා වැටී තිබෙනවා.

අද (29) අලුයම 1.50 ට පමණ මෙම අනතුර සිදුවූ අතර ඉන් මියගිය තරුණයා CR&FC කණ්ඩායමේ කෝකිල සම්මන්දපෙරුම නමැති රගර් ක්‍රීඩකයෙකු බවයි පොලිසිය සඳහන් කළේ. ඔහු බත්තරමුල්ල – තලංගම උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එසේම මිය ගිය තරුණයා CR&FC කණ්ඩායම නියෝජනය කරමින් කලක් එහි නායකත්වය ද දැරූ ෂේන් සම්මන්දපෙරුමගේ බාලම සොහොයුරා වන අතර ඔහු බොහෝ දෙනා අතර ජනප්‍රිය ක්‍රීඩකයෙකුද වුනා.

මේ අතර අනෙක් තුවාලකරුවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් එක් අයෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වුනේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here