විජයකලාගේ නඩුවත් කල්

එල්.ටී.ටී.ඊ සංවිධානය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් ජාතීන් අතර අසමගිය ඇති කිරීමට උත්සහ කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහි තිබු නඩුව ලබන වසරේ පෙබරවාරි 22 දා තෙක් කල් යැවිමේ නියෝගය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළේය.

එහිදී අදාළ නඩුව සම්බන්ධයෙන් නීතිපති උපදෙස් කැඳවා ඇතැත් මේ දක්වා එම උපදෙස් ලැබී නොමැති බවට සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන සංවිධානාත්මක අපරාධ නිවාරන කොට්ඨාසය අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ නඩුව කල් දැමිණ.