වැවුරුකන්නලදී පුද්ගලයින් තිදෙනෙකු සමග ගංජා ග්‍රෑම් 300ක් අත්අඩංගුවට

0
116

මාතර වැවුරුකන්නල ප්‍රදේශයේ දී ගංජා ග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදාව සඳහන් කළේ ඔවුන් ගංජා තොගය අළෙවි කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ දික්වැල්ල පොලීසියේ නිලධාරීන් එක්ව සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් 30,41 සහ 43 යන වයස් වල පසුවන මාතර, බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්ය.

නාවික හමුදාව පැවසුවේ සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා දික්වැල්ල පොලීසියට භාරදීමට කටයුතු කළ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here