වහාම අත්අඩංගුවට ගන්න- අමෙරිකාවේ හිටපු තානාපති අල්ලන්න යළිත් වරෙන්තු

0
116

අමෙරිකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (09) යළි විවෘත්ත වරෙන්තු නිකුත් කළේය.

2008 වසරේදී ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් තුන් ලක්ෂ තිස්දහසක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින්, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ජාලිය වික්‍රමසූරියට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ඉදිරිපත් කර තිබේ.

පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ජාලිය වික්‍රමසූරිය 2016 නොවැම්බර් 17 වෙනිදා කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන පසුදාම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. තම ඇසේ පවතින රෝගී තත්ත්වයකට ප්‍රතිකාරයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාවට යාමට අවසර දෙන මෙන් පසුව කළ ඉල්ලීම පිළිගත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය 2017 වසරේ දී ජාලිය වික්‍රමසූරියට විදේශගත වීම සඳහා අවසර ලබා දුන්නේය.

ඒ ඔහු නැවත අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට කොන්දේසියක් පනමිනි. එහෙත් ඔහු අධිකරණයේ මෙතෙක් පෙනී සිටියේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here