වසර විස්සක් ඇල්ජීරියාව පාලනය කළ ඇල්ජීරියානු ජනපති ජනතා විරෝධය මත ධූරයෙන් ඉවත් වෙයි

0
97

වසර විස්සක් ඇල්ජීරියාව පාළනය කළ ජනාධිපති ඇබ්දෙලාසිස් බුටෆියේකා ඉල්ලා අස්වී ඇත. මෙසේ ඇල්ජීරියානු ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට සිදුවුණේ සති කිහිපයක් පුරා එරට පැවැති දැඩි විරෝධතා මාලාවකින් අනතුරුවය.

එම පුවත වාර්තාවීමෙන් පසු ඇල්ජීරියානු වැසියන් වීදි බැස ප්‍රීතී ඝෝෂා කරනුද දක්නට ලැබුණි.

මේ මාසයේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ඔහු සූදානමින් පසුවුවත් එල්ල වූ විරෝධතා හේතුවෙන් සිය අදහස හකුලා ගැනීමට ජනාධිපතිවරයාට සිදුවුණි.

ජනාධිපති බුටෆියේකාට වහාම ධුරයෙන් ඉවත්වන ලෙසට එරට හමුදා ප්‍රධානීන්ද බලකර සිටියේය.මන් ලබන 28වැනිදාට පෙර ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයා පැවැසුවේ ඊට ප්‍රතිචාර ලෙසය.

කෙසේ නමුත් එය ප්‍රමාණවත් නොවන බව පවසමින් විශ්වවිද්‍යාල සිසුන් ඇතුලු දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් සහ විපක්ෂය දිගින් දිගටමට, ඇල්ජීරියස් අගනුවරට රැස්වී විරෝධතාවල නිරතවුණි.

විසි වසරක කාලයක් තිස්සේ ඇල්ජීරියාව පාලනය කළ බුටෆියේකා 82වැනි වියේ පසුවවෙයි.

2013 වසරේදී හෘදයාබාධයකින් පීඩාවට පත්වීමෙන් පසු ඔහු මහජන රැස්වීම් සඳහා එක්වූයේ ඉතාමත් කලාතුරකින් බව විදෙස් වාර්තා පවසා සිටියි.

මේ අතර ජනාධිපතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් ප්‍රීතියට පත් විරෝධතාවල නිරතවූවන්, ඇල්ජීරියස් ඇතුලු ප්‍රධාන නගරවලට එක්ව ලැබූ ජයග්‍රහණය සමරන ආකාරයද විදෙස් මාධ්‍ය මෙසේ වාර්තා කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here