වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය අද

0
320

නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිවාරය අද(08දා) පස්වරු 1.00ට පැවැත්වීමට නියමිතය.

කථානායක කරු ජයසූරිය මහතා පොදු රාජ්‍ය මණ්ඩලීය කථානායක සමුළුවේ විශේෂ සැසිවාරයකට සහභාගි වීම සඳහා මෝල්ටාවට ගොස් ඇති බැවින් නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සැසිය පැවැත්වෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

විදේශ රාජ්‍යතාන්ත්‍රික වරප්‍රසාද සම්බන්ධ පනත් කෙටුම්පතක් අද(08දා) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.

එමෙන්ම පසුගිය නොවැම්බර් මස 14, 15, 16 දිනයන්හිදී පාර්ලිමේන්තු සභාගර්භය තුළ ඇති වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් සොයාබලන විශේෂ කාරක සභාවද අද දිනයේදී රැස්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here