වව්නියාවේ සිට කොළඹ පැමිණි දුම්රියක මැදිරි දෙකක් ගැලවෙයි

0
112

වව්නියාවේ සිට කොළඹ දක්වා පැමිණි දුම්රියේ මැදිරි 2 ක් තලාව සහ ශ්‍රාවස්තිපුර අතරදී දුම්රියෙන් ගැලවී ගොස් තිබෙනවා.

අද අලුයම 5 යි 45 ට වව්නියාවෙන් ගමන් ආරම්භ කල නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය මෙම සිදුවීමට මුහුණ පා ඇති බවයි පාලක මැදිරිය සඳහන් කලේ.

කෙසේවෙතත් මෙහිදී කිසිදු මගියෙකුට තුවාල සිදුවී නොමැති අතර ගැලවී ගිය මැදිරි දෙක නැවත සවි කිරීමෙන් පසු දුම්රිය මේ වනවිට කොළඹ බලා එමින් සිටින බවද පාලක මැදිරිය ප්‍රකාශ කලා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here