වල් අලියෙකුට මන්තර කියන්න ගිහින් වැඩ වැරදුන හැටි   – Video

0
587

මන්ත‍ර බලය යොදාගෙන වනඅලියෙකු මෙල්ල කිරීමට උත්සාහ දැරූ පුද්ගලයෙකු මෙල්ල කිරීමට ගිය වනඅලියාගේ ප‍්‍රහාරයට ලක්ව මියයාමේ පුවතක් වෙහෙරගල ප‍්‍රදේශයෙන් වාර්තා වෙනවා.

වන අලියා මෙල්ල කිරීමට යන අවස්ථාවේ මෙම පුද්ගලයා බීමතින් සිට ඇති අතර ඔහුට වනඅලියා පහර දෙන අවස්ථාවේදී අසල සිටි පුද්ගලයකු ජංගම දුරකථනයකින් සිදු කළ විඩීයෝ පටයක් මේ වන විට වනවිට සමාජජාල ඔස්සේ සැරිසරමින් පවතිනවා.

එක්වරම මෝටර් රථයෙන් බැස වෙහෙරගල, යාය 03 කලාපයේ වනඅලියෙකු සිටින ස්ථානයක් වෙත මෙම පුද්ගලයා ගොස් තිබෙනවා. ඔහු අලි මන්තරයෙන් එම වනඅලියා මෙල්ල කිරීමට උත්සාහ දරනවාත් සමග මෙම පුද්ගලයා වනඅලියාගේ ප‍්‍රහාරයට ලක්වන අයුරු එම වීඩියෝවේ දැක්වෙනවා. මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ 41 හැවිරිදි කතරගම, වල්ලිමාතාගම ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here