වත්තල සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනක් මරුට

0
104

වත්තල ප්‍රදේශයේ හේකිත්ත මාර්ගයේ අයියාන් සබ්රිමලේ කොවිල අසලදී අද (13) පස්වරුවේ 3.3o පමන සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බව වාර්තා වේ.මිය ගිය පුද්ගලයින් දෙදෙනා මෝටර් රථයකින් ගමන් කරන අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව සඳහන්.

වෙඩි තැබීම සිදු වු අවස්ථාවේ එම මොටර් රථය තුල කාන්තාවක්ද සිට ඇති අතර ඇයට කිසිදු අනතුරක් සිදු වි නොමැති බව පොලීසිය පවසයි. මේ සම්බන්ධයෙන් වත්තල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here