ලෝක කුසලානයට සූදානම් වෙන්න මාලිංග 4වනදා ශ්‍රී ලංකාවට එයි

ශ්‍රී ලංකා පිලේ එක්දින හා විස්සයි විස්ස නායකයා වන ලසිත් මාලිංග මේ වන විට ඉන්දියාවේ පැවැත්වෙන IPL තරඟාවලිය සඳහා සහභාගී වී සිටිනවා. මේ අතර ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීමේ පළාත් තරඟ නුදුරේදීම පැවැත්වීම හේතුවෙන් මේ මස 4 වනදා ඒ වෙනුවෙන් සහභාගී වීමට ලසිත් මාලිංග ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනුමැතිය සමඟින් IPL තරඟ සඳහා තමන් සහභාගී වූවද ලෝක කුසලානය ජයග්‍රහණය වෙනුවෙන් කළ හැකි කැපකිරීම් සියල්ල කරන්නට තමන් සූදානම් බවයි ලසිත් මාලිංග පවසා සිටියේ.

ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන පළාත් තරඟ සඳහා තමන් ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් නායකත්වයේ වගකීම සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මාවතකට රැගෙන යන්නට තමන් සූදානමින් සිටින බවත් මාලිංග අපකළ විමසීමකදී පවසා සිටියා.

පළාත් තරඟවලදී දස්කම් දක්වන ක්‍රීඩකයින් තෝරාගෙන ඔවුන්ගේ කුසලතා වර්ධනය කිරීමටත් ඉදිරියේදී පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලිය සඳහා ඔවුන් යොමු කිරීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මෙම තරඟාවලිය සංවිධානය කර තිබෙනවා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න