ලොව පුරා ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා කිහිපයක් බිඳ වැටෙයි

0
153

පසුගිය මාසයෙහි සිදුවූ දැවැන්ත බිඳවැටිමට මාසයක කාලයක් යාමට මත්තෙන් නැවතත් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්සැප් සමාජ මාධ්‍ය අද(14) දිනයේ මෙරට වේලාවෙන් අවුරුදු උදාවට පසුව බිඳවැටිමකට ලක්ව තිබේ.

මේ බිදවැටීම හේතුවෙන් ලොව පුරා සිටින මිලියන ගණනක් වූ එම සමාජ ජාල අඩවි භාවිතා කරන සාමාජිකයන් ඔවුන්ගේ එම ෆේස්බුක් හා ඉන්ස්ටග්‍රෑම් ඇතුළු සමාජ ජාල ගිණුම් වලට පිවිසීමට නොහැකි වී සිටි බව වාර්තා වේ.

විශේෂයෙන්ම එංගලන්තයෙන් මෙම ෆේස්බුක් සමාජ මාධ්‍ය බිඳවැටීම පිළිබඳව වාර්තාවී ඇති අතර මේ හේතුවෙන් ෆේස්බුක් පරිශීලකයන් ෆේස්බුක් ආයතනය පිළිබඳව දැඩි කනස්සල්ලෙන් පසුවෙතැයි Twitter සමාජ මාධ්‍ය පරිශීලකයන් අවධාරණය කර සිටියි.

මෙම බිදවැටීම සිදුවූ අවස්ථාවේ ෆේස්බුක් ඩොමේන් නාමය භාවිතයේ නොමැති බව සදහන් වී ඇති අතර ව්ට්සැප් පරිශීලකයන්ට පණිවිඩ යැවීමට සහ ලැබෙන පණිවිඩ ලබාගැනීමට නොහැකි වී තිබේ.

මෙම බිදවැටීම බොහෝදුරකට යතාතත්වයට පත් කිරීමට ෆේස්බුක් ආයතනය සමත් වුවත් තවත් විශාල වශයෙන් පරිශීලකයන් ප්‍රමාණයක් මෙම බිදවැටීමට මුහුණදෙන බව තවමත් වාර්තාවේ.

මෙම බිදවැටුම සම්බන්ධයෙන් Twitter අඩවියෙහි ටිවීට් 37000 කට අධික ප්‍රමාණයක් Twitter පරිශීලකයන් විසින් පළකර ඇති අතර මෙම බිදවැටුම ශ්‍රී ලංකාවේ වෙසෙන බහුතරයක් වූ සමාජ මාධ්‍ය පරිශීලකයන්ට බලනොපා ඇති අතර එහෙත් සැලකිය යුතු ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය පරිශීලකයන් ප්‍රමාණයකට බලපා ඇති බව දැනගන්නට ලැබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here