ලොව ප්‍රබල දඟ පන්දු යවන්නෙකු වූ හිටපු ශ්‍රි ලංකා පුහුණු කරු බෘස් යර්ඩලි ලොවෙන් සමුගනී

0
159

80 දශකයේ ප්‍රබල දඟ පන්ඳු යවන්නෙකු ලෙස ලොවම හඳුනාගත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක බෘස් යර්ඩලි මහතා ලොවෙන් සමුගෙන තිබෙනවා.

බෘස් යර්ඩලි 1997 දී ශ්‍රි ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර ශ්‍රි ලංකාවෙන් බිහි වූ ලොව සුපිරිම දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් නිර්මාණය කිරිමේ ගෞරවයද හිමි වන්නේ බෘස් යර්ඩලි මහතා වෙතයි.

එවකට ශ්‍රි ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් රැසකට මඟ පෙන් වූ  බෘස් යර්ඩලි මහතා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නිලධාරියෙකු ලෙස කටයුතු කරමින් පාසල් මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාවන් වර්ධනය සඳහා කැපවී සිටියේය. ක්‍රිකට් විචාරකයෙකු ලෙසද කටයුතු කළ බෘස් යර්ඩලි මහතා පිළිකා රෝගයක් නිසාවෙන් මරණයට පත්ව ඇත. මිය යන විට බෘස් යර්ඩලි මහතා 71 වන වියේ පසුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here