ලාංකික ඉංජිනේරුවන් අතින් නිර්මාණය වූ පළමු චන්ද්‍රිකාව සාර්ථකව ගුවන්ගත කරයි – Photos

0
218

රාවණා-1 නම් ප්‍රථම පර්යේෂණ චන්ද්‍රිකාව අද (18) අලුයම නාසා අභ්‍යවකාශ මධ්‍යස්ථානය විසින් කක්ෂගත කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ තරුණ ඉංජිනේරුවරුන් දෙපළක් විසින් එක්ව තනන ලද මෙහි බර කිලෝග්‍රෑම් 1.1ක්. මෙම චන්ද්‍රිකාව ජපානයේ ක්යුෂු ඉන්ස්ටිටියුට් ආයතනයේදී නිෂ්පාදනය කර තිබෙනවා.

තරිඳු දයාරත්න සහ දුලනි චාමිකා වන මෙම ඉංජිනේරුවරුන් දෙදෙනා විසින් මෙම පර්යේෂණ චන්ද්‍රිකාව නිෂ්පාදනය කර ඇති අතර ජපාන අභ්‍යවකාශ මධ්‍යස්ථානය හරහා මෙය පසුගියදා අමෙරිකාවේ නාසා ආයතනයට භාරදී තිබෙනවා.

රාවණා-1 චන්ද්‍රිකාව ඔස්සේ ශ්‍රී ලංකාවේ සහ ඒ අවට ජායාරූප ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් එය පෘථිවිය වටා ගමන් වාර 05ක් පමණ සිදුකිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව නාසා ආයතනය විසින් ඊයේ (17) දිනයේදී කක්ෂගත කරන ලද සිග්නස්-1 චන්ද්‍රිකාව ඔස්සේ මෙම කුඩා චන්ද්‍රිකාව රැගෙන ගොස් අභ්‍යවකාශයේදී මුදා හැරීමට කටයුතු කරන බව සඳහන්. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සැපයුම් රැගත් සිග්නස්-1 චන්ද්‍රිකාව මේ වන විට සාර්ථකව ගුවන් ගත කර ඇති බවයි නාසා ආයතනය පවසන්නේ.