ලසිත්ට තරඟය අහිමි වෙයි

0
70

සංචාරක ශ්‍රී ලංකා පිල හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේදී උඩපන්දුවක් ලබාගැනීමට උත්සාහ කිරීම හේතුවෙන් ආබාධයකට ලක්වූ දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණියට තරඟයට ක්‍රීඩා කිරීමට නොහැකි තත්වයක් උද්ගතව තිබෙනවා.

රබාඩා ලබාදුන් උඩපන්දුවක් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී ඔහු මෙම ආබාධයට මුහුණ දුන් අතර ඔහු මේ වනවිට තරඟයෙන් ඉවත්කර ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා.

වම්අතේ මාපටගිල්ලේ අස්ථි බිඳීමකට ලක්ව ඇති ලසිත්ව ශල්‍ය කර්මයකට භාජනය කිරීමට නියමිත අතර ඉන් පසුව ඔහුට සති 6ක කාලයක් විවේකීව සිටීමට සිදුවනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here