ලක්ෂ 35 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් කොළඹ – නුවර මාර්ගයේදී අත්අඩංගුවට

0
93

රුපියල් තිස්පන් ලක්ෂයකට වැඩි මුදල් තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වීදියවත්ත ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

පොලීසිය පැවසුවේ අදාල මුදල් තොගය ඔවුන්ට ලැබුණු ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමට නොහැකි වීමත් සමඟ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

වීරගුල පොලිස් ස්ථානයේ නිළිධාරීන් පිරිසක් විසින් පසුගිය  බ්‍රහස්පතින්දා රාත්‍රියේ කොළඹ – නුවර මාර්ගයේ රථවාහන පරීක්ෂාවක් සිදුකර තිබේ.

එහිදි ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි අදාල පුද්ගලයන් දෙදෙනා පරීක්ෂාවට ලක්ව ඇති අතර ඔවුන් සතුව තිබී ලක්ෂ තිස් පහකට අධික මුදල් තොගයක් හමුවී ඇත.

කෙසේ වෙතත් පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අදාල මුදල් තොගය ඔවුන් සතුවූ ආකාරය පිළිබඳව හෙළි කිරීමට සැකකරුවන්ට හැකි වී නොමැති අතර ඒ පිළිබඳව ඔවුන් ප්‍රකාශ කර ඇති කරුණුද පරස්පර වී ඇත.

ඒ අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here