රූකාන්ත ගුණතිලක එජාප දඹදෙණිය සංවිධායක ධූරයට

    0
    207

    ජනප්‍රිය ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතා එක්සත් ජාතික පක්ෂයේ දඹදෙණිය ආසනයේ නව සංවිධායකවරයා ලෙස පත්කර තිඛෙනවා.

    ඔහු අද දහවල් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තා.

    මේ අතර මීගමුව ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායක ලෙස පත්කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතායි.

    කලක් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධුරයද දැරූ ලලිත් දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වී
    අරණායක ආසනයේ නව ආසන සංවිධායක ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් පත්වීම් ලිපිය ලබාගනු ලැබුවා.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here