රුපියල් 8000ක අල්ලස් ගත් මාතර ජාතික පාසලක විදුහල්පතිවරයෙකුට වැඩ වරදී

0
285

මාතර දිස්ත්‍රික්කයේ ජාතික පාසලක විදුහල්පතිවරයෙකු අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හය ශ්‍රේණියට සිසුවකු ඇතුලත් කර ගැනීමට රුපියල් 8000ක අල්ලසක් ගත් විදුහල්පතිවරයා අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම මගින් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි ඔවුන් සඳහන් කළේ.

අද දහවල් විදුහල්පති නිල කාමරය තුළදී මෙම අදාල මුදල ලබාගැනීමට යාමේදී මෙම විදුහල්පතිවරයා අත්අඩංගුවට ගත් බව සඳහන්.

සැකකාර විදුහල්පතිවරයා අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here