රිෂාඩ් බදියුදීන්ගේ කාර්යාලයක් නිසා සේවක සේවිකාවෝ බයෙන් ආරක්ෂාව ඉල්ලයි.

0
677

ලංකා සතොස පිහිටි දස මහල් ගොඩනැඟිල්ල අනාරක්ෂිත බවට බියක් මතුව ඇති බැවින් ඊට යුද හමුදා ආරක්ෂාව ලබාදීමට ජනපති අවධානය යොමු කරන්නැයි සතොස සේවක එකමුතුව ඊයේ (15දා) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඉල්ලා සිටියා.

සතොස සේවක එකමුතුවේ සභාපති චන්දන පුෂ්පමාල් මහතා මෙහිදී පෙන්වා දුන්නේ සතොස පිහිටි දස මහල් ගොඩනැඟිල්ලේ අට වැනි මහල හා 9 වැනි මහල රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ කාර්යාලය හා යුන්ඩෝ නම් ආයතනය සඳහා පාවිච්චි කළත් මේ දක්වා ඊට අදාළ ගිවිසුමක් හෝ කුලී මුදලක් නොගෙවන බවයි.