රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පළා ගිය සුනිල් ශාන්ත මීමුරේදී අත්අඩංගුවට

0
367

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පසුගිය 17 වනදා පළා ගිය ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකු වන සුනිල් ශාන්ත නමැත්තා මීමුරේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

සංවිධානාත්මක අපරාධ නිවාරණ ඒකකයයි වැටලීම සිදු කළේ.

බන්ධනාගාර නිලධාරීන් ලෙස වෙස් වළාගෙන ව්‍යාජ බන්ධනාගාර බස් රථයකින් පැමිණි පිරිසක් අදාළ රැඳවියා මුදාගෙන පළා ගොස් තිබුණා.

රුපියල් කෝටි 2 කට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමග මෙම පුද්ගලයා මීට මාස 6 කට පමණ ඉහතදීයි අත්අඩංගුවට ගෙන තිබුණේ.

එම චෝදනා මත කෑගල්ල බන්ධනාගාරයේ රඳවා සිටි අදාළ රැඳවියා කොලඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ගෙනවිත් පසුගිය 22 වනදා කලුතර බන්ධනාගාරය දක්වා ගෙනයාමටයි නියමිතව තිබුණේ.

එහෙත් ව්‍යාජ බන්ධනාගාර බස් රථයකින් පැමිණි පිරිසක් ඔහු මුදාගෙන ගෙන ගොස් ඇති බවටයි තොරතුරු අනාවරණය වුණේ.

මෙම සිද්ධියට අදාළව රාජකාරි පැහැර හැරීමේ චෝදනා මත බන්ධනාගාර නිළධාරීන් අට දෙනෙකුගේ වැඩ තහනම් කිරීමටද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here