රැල්ලට නොගිය මලින්දගේ දූවිල්ල

0
178

අපට හමුවුනා වෙනස්ම නිර්මාණ මාවතක යන මිනිසෙක් ඔහු නමින් මලින්ද ගමඇතිගේ. කලා ජීවිතයේදී මාව හඳුන්වන්නේ MalindaG කියන නමින්. ඉතින් අර්ධ කාලීන වෘත්තීමය වශයෙන් සංගීත ජීවිතේට ඔහු ඇතුල් වෙන්නෙ 2014 වර්ෂයේ ඔහුගේ කුළුඳුල් නිර්මාණය වන “ග්ලැඩියේටර් ප්‍රේමය” ගීතය සමගයි. ඉන් පසුව ගිනිගත් ආත්මය, කෝල කෝඩුකාරි, ස්වේත අප්සරාවි, Despacito සිංහල Version වශයෙන් නිර්මාණ ගණනාවක් ඔහුගේ අතින් බිහි වෙනවා.

ඇතැම් ගීත ඔහු විසින්ම පද රචනය කර සංගීත නිර්මාණය කරන ලද නිර්මාණයන්. ඇතැම් ගීත ඔහු විසින්ම පද රචනය කර සංගීත නිර්මාණය කරන ලද නිර්මාණයන්. “දූවිල්ලක් ” කියන්නේ ඔහුගේ නව වන සංගීත නිර්මාණය කිව්වොත් මම නිවැරදියි. ඉතින් ලංකාවටTravel Music එහෙමත් නැත්නම් සංචාරක සංගීතය හඳුන්වාදුන් නිර්මාණයක් ලෙස මේ ගීතය හඳුන්වන්න පුළුවන්. දූවිල්ලක් ගීතය ඔහුගේ අතින් ලියවෙන්නේ අහම්බෙන්.

ගීතය ලියල කල්පනා කර කර ඉන්නකොට ඔහුට හිතුණා මේකට Vlog එහෙමත් නැත්නම් Travel Music වලට ගැලපෙන තනුවක් නිර්මාණය කළොත් හොඳයි කියල. ඉතින් එහෙම තමයි ගීතයට තනුවත් ඔහුගේ අතින්ම බිහිවෙන්නෙ. ඊට පස්සෙ ඔහු මේ ගීතයට සංගීතය නිර්මාණය කරන්න හොඳ ඉලෙක්ට්‍රොනික  සංගීත අධ්‍යක්ෂකවරයකු සොයනවා. ඒ අතරේ ගිය විනෝද චාරිකාවකදී තමයි ඔහුට එරන්ද මධුසිංහව මුණ ගැසෙන්නෙ. එදා ඇති වෙච්ච මිතුරුකමත් එක්ක දෙන්නත් එක්ක මේ නිර්මාණය ගැන කතා කරද්දී එරන්ද ඔහුට මේකට සුදුසුම කෙනා තමයි FunkyDirts ලත් එක්ක ගොඩක් ප්‍රේක්ෂක ප්‍රසාදය දිනාගත්ත ෂෙනාල් මද්දුමගේ කියල යෝජනා කරනවා. ඒ අනුව තමයි මේ ගීතය මේ විදිහට වෙනස්ම ආකාරයට බිහි වෙන්නේ.

ඉතින් ඔහු ගීතයේ නිර්මාණශීලී ගිටාර් වාදනය සඳහා මගේ මිතුරෙක් වන සෙනෙත් දයන්තවත් සම්බන්ධ කරගන්නවා. ඉතින් අපි මේ විදිහට නිර්මාණය කරපු “දූවිල්ලක්” ගීතයට පොඩි Rock ශානරයක් දෙමු කියල සෙනෙත් වත් ගායනයටත් සම්බන්ධ කරගෙන අපි ත්‍රිත්වයත් එක්ක මේ විදිහට Travel Rock EDM එකක් විදිහට එළියට එන්නේ අන්න එහෙමයි. ගීත නිර්මාණයේ Album Arts සහ පසුතල හිරූ සේනාරත්න සොයුරිය අපි අප අපේක්ෂා කරන ලද මට්ටමටත් වඩා ඉතා උසස් නිර්මාණශීලී සහ අගනා අයුරින් නිම කරන අතර  සහ චමල් සමීර ගුණවර්ධන සහෝදරයා අතින් නිර්මාණශීලී Lyric Video වක් ලෙස එම නිර්මාණය සජීවී කරණය වන්නේ ඉන් පසුවයි.

මෙහිදී ඔහු විශේෂ ස්තුතිය පුද කරන්න ඕනේ කිවා ගොඩාක් පිරිසක් ඉන්නවා කියලා. ඉතින් ඒ අතරේ විශේෂයෙන්ම ගීතය නිර්මාණය කරද්දී නොයෙක් අයුරින් මට සහාය වුණ කිවා කවිෂ්ක දොඹවෙල, නිරංජලා ස්වර්ණමාලි, චමිත සංකල්ෂ, රනුර පෙරේරා, රවී රොයෙස්ටර්, හෂේන් සංජු, සමිත රොෂාන්, නිමන්ත ගල්හේනගේ,චානුක නදුන්, Nicky Zera, කවිඳු ජයකොඩි, මිෂෙල් දිල්හාරා, Eventuro Entertainment, Magic Compass Team, ධනුක කුමාරසිංහ, නිසල් මධුෂාන් ගමගේ, කසුන් බණ්ඩාර, Travel With Wife, Ashen Vlogs යන සොයුරු සොයුරියන් වගේම සොයුරු සොයුරියන්ද  ආදරයෙන් මතක් කරනවා කියලා ඔහු citizen.lk අපට කිවා.

ඒ වගේම මෙම ගීතය iTunes, Spotify, Deezer වගේ අන්තර්ජාතික මට්ටමේ සයිබර් වෙළඳසල් වලින් මිලදී ගත හැකියි කියලා කිවා. එහෙනම් අළුත්ම වෙනස්ම නිර්මාණයකින් ආයෙත් මුණ ගැසෙමු. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here