රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලියේදී ජනමාධ්‍ය අමාත්‍යංශ කණ්ඩායමට විශිෂ්ඨ ජයග්‍රහණ රැසක්.

3
128

රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලියේ තමන් සහභාගී වුන පළමු තරග 3 ම ජයග්‍රහණය කිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශ ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. තරග 3 ම ඉතා විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කිරීම කැපී පෙනුනා.

ජනමාධ්‍ය අමාත්‍යාංශ ක්‍රිකට් කණ්ඩායම මෙවර තරග වදින්නේ ‘F” අංශයේ ”B” කාණ්ඩය යටතේ. ප්‍රථම තරගය පැවැත්වුණේ ගොඩනැගිලි දෙපාර්තමේන්තු කණ්ඩායම සමග. මුලින්ම පන්දුවට පහර දුන් ජනමාධ්‍ය අමාත්‍යාංශ ක්‍රිකට් කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 312 ක් ලබා ගත්තා. ගොඩනැගිලි දෙපාර්තමේන්තු කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකිවුණේ ලකුණු 135 ක් පමණයි. ඒ අනුව ජනමාධ්‍ය අමාත්‍යංශ කණ්ඩායමට ලකුණු 177 ක් විශිෂ්ඨ ජයක් හිමි වුණා.

දෙවෙනි තරගය පැවැත්වුණේ තේ පර්යේෂණ ආයතන කණ්ඩායම සමඟ. එහිදී ලකුණු 170 ක් සුපිරි ජය ලබා ගැනීමට ජනමාධ්‍ය අමාත්‍යංශ කණ්ඩායම සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් ජනමාධ්‍ය අමාත්‍යංශ කණ්ඩායම ලකුණු 295 ක් ලබා ගත්තා. ඒ කඩුලු 8 ක් දැවී.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ තේ පර්යේෂණ ආයතන කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකිවුණේ ලකුණු 125 ක් පමණයි. මෙම තරගයේදී ජනමාධ්‍ය අමාත්‍යංශ කණ්ඩායමේ උප නායක මංජුල සුරියගේ පන්දු 77 කදී ලකුණු 76 ක් සහ කඩුළු රකින සුධන් චන්ද්‍රපාල (බණ්ඩා) පන්දු 56 කදී ලකුණු 69 ක් සමගින් අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුණා.

තුන්වන තරගයේදී ජනමාධ්‍ය අමාත්‍යංශ කණ්ඩායම සමඟින් තරග වැදුනේ දේශිය අාදායම් දෙපාර්තමේන්තු ක්‍රිකට් කණ්ඩායම සමඟින්. එම තරගයේද ලකුණු 155 ක් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට ජනමාධ්‍ය අමාත්‍යංශ කණ්ඩායම සමත් වුණා. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ජනමාධ්‍ය අමාත්‍යංශ කණ්ඩායම ලකුණු 266 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දේශිය අාදායම් දෙපාර්තමේන්තු ක්‍රිකට් කණ්ඩායම ලබා ගත්තේ ලකුණු 111 ක් පමණයි.

3 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here