රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ධුරයට මන්තී‍්‍ර අලගියවන්න යළි පත්වෙයි

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිත්වයට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා තේරී පත්ව තිබේ.

ඒ අට වෙනි පාර්ලිමේන්තුවේ තුන්වන සැසි වාරය සඳහා පත් කළ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ පළමු රැස්වීම පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 6 දී, අද පස්වරුවේ පැවතී අවස්ථාවේ දී.

ලසන්ත අලගියවන්න මන්ත්‍රීවරයට සභාපතිත්වය ලබා දීම සඳහා වන යෝජනාව එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත්කරනු ලැබීම විශේෂය. එය ගිණුම් කාරක සභාවට ඉදිරිපත් කරනු ලැබුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා විසිනි. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පුර්ණ සහය පල කළහ.

මිට පෙර අටවෙනි පාර්ලිමේන්තුවේ දෙවන සැසි වාරයේ දීද ලසන්ත අලගියවන්න මහතා රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කරනු ලැබීය

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න