රනිල්ව අගමැති කරන යෝජනාවක් 12 වනදා පාර්ලිමේන්තුවට – අජිත්

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ඉදිරි ගමන ආපසු හැරවීමක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි. අරලියගහ මන්දිරයේදී අද(07) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ දේශපාලනඥයින්ගේ බලය වැඩිකරන ඕනෑම වෙනසකට එරෙහිව කටයුතු කරන බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් කළ යුතු බවට වන යෝජනාවක් ලබන 12 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළේය. රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි පාර්ලිමේන්තුව තුළ විශ්වාසයක් ඇති බවට යෝජනාවක් මෙලෙස ඉදිරිපත් කරන බය ඒ මහතා සඳහන් කළේය. අපි ඔනෑම අවස්තාවක මැතිවරණයකටය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න