රනිල්ට අගමැතිකම නොදෙන මතයේ මම තාමත් ඉන්නවා – ජනපති

තම පෞද්ගලික දේශපාලන මතය පාර්ලිමේන්තුවේ 225ක් අත්සන් කළත් රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරය ලබා නොදෙන බවත් එම මතය තුළ තමන් අදත් එළෙසින්ම සිටින බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් අමතා ඔහු මෙම ප්‍රකාශ කර තිබෙන අතර පාර්ලිමේන්තු සම්ප්‍රදයාට හා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන නායකයෙක් ලෙස තමන් රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කර අග්‍රාමාත්‍යධූරය ලබාදීමට තීරණය කළ බව ඔහු එහිදී වැඩිදුරටත් පවසා තිබෙනවා.

පසුගිය මාසයක කාලය තුල තමන් ගත් සියලු තීරණ රටේ ඉහළම නීති විශාරදයන්ගේ උපදෙස් අනුව ගත් බවත් එය රටේ සද්භාවය වෙනුවෙන් සිදුකළ දෙයක් බවත් ඔහු මෙහිදී පෙන්වා දී තිබෙනවා.