රටට ඇතුළු වූ විදෙස් ගුවන් යානයක් අනුමත නොවූ ගුවන් පථයකින් අනවසරයෙන් රටින් පිටව යයි

විදේශීය ආයෝජකයින් පිරිසක් රැගෙන මෙරටට පැමිණි ගුවන් යානයක් අනවසරයෙන් යළි රටින් පිටව ගොස් තිබේ.

චීන, සිංගප්පුරු සහ හොංකොං ආයෝජකයින් රැගත් අදාළ පෞද්ගලික ගුවන් යානය මෙරටට පැමිණ තිබුණේ පසුගිය 3 වැනිදායි.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් මෙරටට ගොඩබැස්සූ යානය විශේෂ අවසරයක් සහිතව ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරේ ගුවන් පථයට ගොඩබස්වා තිබිණ.

ඒ ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබාගත් විශේෂ අවසරයකට අනුවයි. අනතුරුව අදාළ යානය මෙරට අනුමත ගුවන් තොටුපොළක් නොවන ස්ථානයකින් මෙරටින් පිටව ගොස් තිබේ.

මෙරට ආගමන – විගමන නීතිය සහ සිවිල් ගුවන් සේවා නීතියට අනුව විදේශිය ගුවන් යානයකට අනුමත ගුවන් තොටුපොළක් නොවන ස්ථානයකින් රටින් පිටවීමට අවසරයක් හිමිනොවේ.

ඒ අනුව අදාළ ගුවන් යානය මෙරටින් පිටව ගොස් ඇත්තේ නිසි අනුමැතියකින් තොරවයි. ආගමන – විගමන දෙපාර්තමේන්තුවෙන් රටින් පිටවීම සඳහා නෞකාවලට ලබාදෙන අවසරයක් ලබා ගනිමින් අදාළ ගුවන් යානය මෙරටින් පිටවිය යුතුයි.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න