රංජන්ට එරෙහි නඩුව අද සිට විභාගයට

0
148

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට එරෙහි නඩුව අද හෙට සහ අනිද්දා යන දිනවලදී පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනෙනවා.

පසුගිය නඩු වාරයේදී අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසිනුයි මෙම නියෝගය ලබා දුන්නේ.

මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස මාධ්‍යවේදීන් 6 දෙනෙකුද නීතිපතිවරයා විසින් නම් කර ඇති අතර ඔවුන්ට අද දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටයි නොතීසි නිකුත් කෙරුණේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here