යාපනය විශ්වවිද්‍යාලය පුරා පෝස්ටර් අලවලා. (PHOTOS)

0
1866

යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහ ලේකම් ඇතුළුව සිසුන් තුන් දෙනෙකු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකිරීම සඳහා යාපනය විශ්වවිද්‍යාලය පුරා පෝස්ටර් අලවා තිබෙනවා.

ඒම පෝස්ටර් වල සඳහන්ව ඇත්තේ ශිෂ්‍ය අරගල සඳහා සිසුන්ට අයිතියක් තිබිය යුතු බවත් එම අරගලවලදී, සිසුන්ව ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ අත්අඩංගුවට ගැනීම නීති විරෝධී හා අසාධාරන එකක් බවත්ය.

නමුත් යාපනයේ ආරක්ෂක අංශ ප්‍රකාශ කරන්නේ, අත්අඩංගුවට ගත් සිසුන් පසුගිය 09 වැනිදා අත්අඩංගුවට ගන්නා ලද්දේ ඔවුන් LTTE සංවිධානය යළි ගොඩනැඟීමට උත්සහ කිරීමේ චෝදනාව යටතේ බවයි.

මැයි මස 18 වෙනිදා උතුරේ ජනතාව අතර ප්‍රචාරය කිරීමට ප්‍රභාකරන් වීරයෙකු කරමින් චිත්‍රපට නිපදව තිබූ බවත් සිසුන් අත්අඩංගුවට ගන්නා ලද්දේ එම නීති විරෝධී දේවල් සමඟ බවත් ආරක්ෂක අංශ පෙන්වා දෙනවා.

යාපනය විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයාව සේවයෙන් ඉවත් කිරීමට හේතුව වූයේද මෙම LTTE ක්‍රියාකාරකම් වලට සහය දක්වා තිබීමේ ප්‍රථිපලයක් වශයෙන් බවද, යාපනයේ ආරක්ෂක අංශ සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here