යාපනය අරියාලේ නීති විරෝධි වැලි කැනීම් වැටලීමට ගිය STF නිලධාරීන්ට පිරිසක් පහර දෙයි

    0
    268

    යාපනය අරියාලේ ප්‍රදේශයේදී නීති විරෝධි වැලි කැනීම්වල නිරතවූ පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය යාපනය විශේෂ කාර්යය බලකා කඳවුරේ නිලධාරීන්ට පිරිසක් විසින් පහරදීමක් සිදු කර ඇත.

    පොලීසිය පැවසුවේ නීති විරෝධී වැලි කැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකරුවන් මුදාහරින ලෙස බලකරමින ඔවුන් මෙම පහරදීම සිදුකර ඇති බවය.

    පහරදීම සම්බන්ධයෙන් යාපනය අරියාලේ ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරුවන් අද (17) යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here